පුවත්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී 3ක් අතුරුදන්

Published

on

ගාල්ලට නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ධීවර යාත්‍රාවක් නෞකාව ගැටී පෙරලී යාමෙන් එහි සිටි ධීවරයින් 3 කු අතුරුදන්ව තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, දිවි බේරාගත් ධීවරයින් 4 දෙනෙකු ලසන්ත 01 නැමැති බහුදින ධීවර යාත්‍රාව මඟින් ගොඩ බිමට රැගෙන එමින් සිටින බවත් ඉන් එක් ධීවරයෙකු අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි.

ඒ අනුව, අදාල ධීවරයි 4 දෙනා කඩිනමින් දිවයිනට රැගෙන ඒම සදහා නාවික හමුදාවේ ගජබාහු නෞකාව මේ වන විට පිටත්ව ගොස් ඇති බව සදහන්ය.

අනතුරට ලක් වූ නිහතමානි 01 බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 07 දෙනෙකු සමඟින් ධීවර කටයුතු සදහා පසුගිය මස 25 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

Trending

Exit mobile version