Connect with us

පුවත්

ධීවර ලේකම්ගේ දෙපා කැපූ අය වෙනුවට වෙන අය අධිකරණයට දාලා

Published

on

තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර තිබේ.

මොරටුව අඟුලාන දකුණ වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ඉකුත් දෙසැම්බර් 28 වැනිදා රාත්‍රි කාලයේදී නිදාගෙන සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. 

ඔහුට පහර දුන් කල්ලිය මන්නා පිහිවලින් ඔහුගේ දෙපා කපා දමා යකඩ මුගුරුවලින් පහර දී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් 4 දෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. 

එහෙත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරැදිකකරුවන් නොවන බවට ලේකම්වරයා චෝදනා කරයි. 

තමන්ට පහර දුන් මන්නා පිහි සහ යකඩ මුගුරු වෙනුවට වෙනත් කඩු සහ පොලු මුගුරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම කියයි.

අඟුලාන ප්‍රදේශයේ ධීවර සමිතිවලට සිදුවන අකටයුතුකම් සහ වංචාවන් මෙන්ම සෞභාග්‍යා වැඩසටහන යටතේ ධීවර ප්‍රජාවට ලැබිය යුතු දැල් ආම්පන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩගසා ඇති බවට ද ඔහු කිහිප වරක්ම චෝදනා කර තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ධීවරයන්ට වන්දි මුදල් නොලැබීම හා ධීවර අමාත්‍යාංශයෙන් සිදු කරන විවිධ අක්‍රමිකතා පිළිබඳ වගකිව යුතු පුද්ගලයන්ට මෙන්ම ජනාධිපතිවරයා වෙත තමන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

ඔහු අනාවරණය කළ සෞභාග්‍යා වැඩසටහන යටතේ සිදු වූ අක්‍රමිකතාවන් පිළිබඳව විම‍ර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණේ සිද්ධිය වූ දිනට පසුදිනය. 

එවැනි තත්ත්වයක් උඩ සාහසිකයන් පිරිසක් තමාගේ දෙපාවලට බරපතළ ලෙස තුවාල සිදුකළ බවත්, දැනට මාසයක පමණ සිට ප්‍රතිකාර ලබමින් නිවසේ ඇඳක් මතට වී සිටින හෙතෙම කියයි.

 මේ අතර, සාධාරණ පරීක්ෂණයක් පවත්වා නියම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අඟුලාන පොලිසියෙන් සහ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද පොලිස්පතිතුමාගෙන් ද සනත් නන්දසිරි මහතා ඉල්ලා සිටියි.

පුවත්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි

Published

on

By

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත.

2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Continue Reading

පුවත්

ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකති

Published

on

By

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. 

ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට

Published

on

By

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන දසදහසක් වෙන්කර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා මෙන්ම විද්වතුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.

පොලිස් නිලධාරීන් දෙදහසක් මෙම වසර තුළදී බඳවා ගැනීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved