Connect with us

පුවත්

නටාෂා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවී යැයි නාලක කියයි!

Published

on

“කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ.” යැයි නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! යනුවෙන් ජීවන්ත ලියනග‌ේ විසින් ලියා ඇති ලිපියක් අගයකරමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කර තිබේ.

ඔහු එහි වැඩිදුරටත් මෙසේ සටහන්කර ඇත.

“කලා විහීන මුග්ධයින්ට එය නොතේරුණාට ඇය පළිද? බවතරණය ලියූ විට මාර්ටින් වික්‍රමසිංහ දංගෙඩියට දැක්කීමට වලිග කරේ තියාගෙන නැටුවේ, අද නටන අයගේ මුත්තලාය!”

ජීවන්ත ලියනග‌ේ ගේ ලිපිය පහත දැක්වේ. (අදාල ලිපිය theleader.lk හි පලකරන ලද්දකි)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි!

නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ.

අදාළ වීඩියෝව මේ වන විට ඉවත් කර ඇති නිසා, මෙම ආන්දෝලය ගැන සුල මුල සොයන පමාවූ බුකිවාසීන්ට සිදුව ඇත්තේ විවිධ අයගේ රචනා මත යැපීමටය. ඒ නිසා, අදාළ වීඩියෝව නැරඹූවකු ලෙස, ⁣එහි මේ ආන්දෝලනයට අදාළ කොටස ගැන සටහනක් තැබීම ⁣හුදී බුකි ජන පහන් සංවේගය පිණිස වැදගත් වනු ඇතැයි සිතමි.

ඇය කීවේ කුමක්ද? බුදුන්ට හෝ බුද්ධාගමට ඇය අපහාස කළාද? නොඑසේ නම් ඒ චෝදනාවට පාදක වූ ප්‍රකාශය හා එය පිහිටුවූ සන්දර්භය කුමක්ද?

බෞද්ධ සාහිත්‍යයේ එන කතා, යම් යම් දේ පැහැදිලි කිරීමට යොදාගැනීම හාමුදුරුවරුන්ගේ බණවල සිට දේශපාලන කතා දක්වා හැම තැනකදීම, නිරන්තරයෙන්ම සිදුවන්නකි. එයට කිසිම තහනමක් නැත. නතාෂා කළේද තමන් කියන කරුණ අවධාරණය කිරීමට අදාළ තැනකින් උදාහරණයක් ගැනීමය. ඒ උදාහරණයෙන් අපහාසයක් වී නම්, ඒ බුදුන්ට හෝ සිද්ධාර්ථට නොව, දේවදත්තගේ මෑණියන්ටය!

ඇත්තෙන්ම ඇය කළේ හුදු සිල්ලර විහිළුවක් නොවේ. ඉතා ගැඹුරු විෂයයක් ගැන හාස්‍යෝත්පාදක විවරණයකි. ඒ කියූ කාරණය මනෝවිද්‍යාත්මක අර්ථයෙන් බැලුවත් සත්‍ය නොවේද?

කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ. කලා විහීන මුග්ධයින්ට එය නොතේරුණාට ඇය පළිද? බවතරණය ලියූ විට මාර්ටින් වික්‍රමසිංහ දංගෙඩියට දැක්කීමට වලිග කරේ තියාගෙන නැටුවේ, අද නටන අයගේ මුත්තලාය!

නතාෂා ප්‍රහසන කලා ශිල්පිනියක ලෙස කළේ නිර්මාණාත්මක කාර්යයකි. එය සැබැවින්ම අර්ථවත් කලාත්මක වෑයමකි. මෙහි සිටින ළිං මැඩියන්ට හහා දැමීමට කරුණක් වුවද පහත වාක්‍ය කිහිපය කල්තියා ලියා තබමි.

“ශිෂ්ට ලෝකය ඇගේ ප්‍රකාශනය කලාත්මක ප්‍රකාශනයක් ලෙස පිළිගනු ඇති අතර, කලාකාරිනියකට හිමි ගෞරවය හා රැකවරණය සලසනු ඇත! අදහස් පළ කිරීමේ නිදහස පුළුල් ලෙස අර්ථ දක්වා ඇති නීතියද ඇය නිදොස් කොට නිදහස් කරනු ඇත!”

(ජීවන්ත ලියනගේ)
[email protected]

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved