පුවත්

නත්තලට කලින් ලංකාවට පේන ලස්සනම ‌උල්කාපාත වැස්ස

Published

on

ජෙමිනිඩ්ස් නම් උල්කාපාත වර්ෂාවේ උපරීම අවස්ථාව එලෙඹෙන 14 වැනිදා ශ්‍රී ලංකිකයන්ට දැක බලා ගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එනම් ලබන 14 වැනිදා රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කරයි.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස්  උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව යනු වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.

Trending

Exit mobile version