පුවත්

නත්තල්දා නතාෂාව බාගෙට ඇන්දුවේ දෙරණයි!

Published

on

මේ වසරේ පැවති පසුගිය නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගායිකාව ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් වගකීම ගත යුත්තේ දෙරණ රූපවාහිනී නාලිකාව බවද එහි වැඩිදුරටත් සදහන් වේ.

රාගම තේවත්ත, ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ බැසිලිකා සිද්ධස්ථානයේ අදාළ වැඩසටහන පැවැත්විණි.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය පහතින් පළ වේ.

Trending

Exit mobile version