පසුගිය වසරේ මැයි 09 වැනිදා ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළදී පංචිකාවත්ත ප්‍ර දේශයේදී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකට අදාළව ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 31 හා 46 යන වයස්හි පසුවන මාලිගාවත්ත හා කොළඹ 12 පදිංචිකරුවන් වෙයි.
සැකකරුවන් අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.