පුවත්

නලින් සුදු බිත්තරේ 44ට, දුඹුරු බිත්තරේ 46ට ගැසට් කරයි

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44 කි.

දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 46 කටයි.

මේ අතර සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880 ක් බවත් දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් 920 ක් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙය අද සිට ක්‍රියාත්මක වනු ඇති.

Trending

Exit mobile version