Connect with us

පුවත්

නවක වධය මඩින්න ජාතික කමිටුවක්

Published

on

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බවය.

එමෙන්ම ප්‍රචණ්ඩත්වය තම මූලධර්මය කරගත් විවිධ පක්ෂ විසින් මෙම නවක වධය පවත්වාගෙන යන බවත් මෙම ක්‍රියාවලිය නැවැත්වීමට තමන් මෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියළු අධ්‍යාපන බලධාරීන් කැපවී සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

එහිදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ‌මෙසේද පැවසීය.

“ගත වූ මාස 12 තුළ දී අපිට වාර්තා වෙලා තියෙනවා, නවක වධය හෝ ඒහා සමාන සිදුවීම් 36ක්. නවක වධයට හෝ වෙනත් මෙවැනි කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක්ව ඉන්නවා සිසුන් 57 දෙනෙක්. මාස 8ක පමණ කාලයක් තිස්සේ, අපි කතිකා කර සමාජ, ව්‍යුහාත්මක, දේශපාලනික, කළමනාකරණ යන කෝණ කිහිපයකින් බලලා නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා. නීති සම්පාදනය කරන්න රජයට පුළුවන්. රජයට පුළුවන් තියෙන සියලුම සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න. නමුත් මෙහි අවසන් වගකීම තියෙන්නේ, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට සහ උපකුලපතිතුමාට.  අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වෙලා තියෙන තරම කොච්චර ද කිව්වොත් විශ්වවිද්‍යාලය තුළම සේවය කරන හිටපු උප කුලපතිවරයෙක්ට පහර දුන්නා. දවල් ආහාරය ගන්න වෙනත් පීඨයක ආපනශාලාවට පැමිණි සිසුවියන්ට පහර දුන්නා. අපි ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් ලෙස අපි ලැජ්ජා විය යුතුයි. තමන්ගේ ප්‍රචණ්ඩත්වය තම මූලධර්මය ලෙස පිළිගත් පක්ෂ මේ නවක වධය දිගටම කරන බවට ඕනෑවට වඩා සාක්ෂි තියෙනවා. ජනාධිපතිතුමා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමති තුමා සහ අගමැතිතුමා ඇතුළු සියලුදෙනා කැපවී සිටිනවා මේ අබෞද්ධ, අසිංහල ශිෂ්ටාචාරයෙන් තොර වූ මෙම ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. “

පුවත්

යුද්ධ හමුදාව රට වැසියන්ගෙන් කළ කාරුණික ඉල්ලීම

Published

on

By

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට  ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දීමක්

Published

on

By

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.

එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved