වංචා සහගත මුදල් අවභාවිතාවක් පිළබඳ ගොනු වු පැමිණිලි මත ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත.
විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර ඇත.
මෙම සිද්ධස්ථානය වෙත ලැබෙන පඬුුුරු මුදල් විශාල වශයෙන් අවභාවිතා විම හා දේවාලයට පුජා කෙරෙන රන් ආභරණ ආදිය දිර්ඝ කාලයක සිට නිසි ලෙස ලැයිස්තු ගත නොවී විකුණා මුදල් වංචා කර ඇති බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට හා රජයේ විගණකාධිපතිවරයාට පැමිණිලි ලැබී ඇත.