පුවත්

නවම් පුර පසොළොස්වක පොහොය අද

Published

on

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අද (05)ට යෙදී තිබේ.

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනතාව සැදැහැ සිතින් සමරනු ලබයි.

බුදු රජාණන්වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකයි.

එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය ද පැවැත්වුයේ අද වන් පොහොය දිනයකදීයි.

Trending

Exit mobile version