Connect with us

පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට

Published

on

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය ඒ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසු සභාපතිනිය, ඒ අනුව, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයතු යොදා තිබෙන බව වැඩිදුරටත් පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 6ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් ස්ථාපිත කිරීමට නියමිතය.

එසේම ජාතික හා පළාත් මට්ටමේ මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

ඒ අනුව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් යොමු කරනු ලැබූ ගැටලුවලට පිළිතුරු දෙමින්, පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය සඳහා පාසල් භෞතික පරීක්ෂාවට ලක්  කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් වූ මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved