ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලුව, වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම එම ගැටලු වේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන් වෘත්තීය, කථන විකිරණ චිකිත්සකයන් ඇතුළු වෘත්තීන් හතක් මෙම වැඩවර්ජනය සඳහා එක් වේ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කළද සෞඛ්‍ය ඇමතිවරයාට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.
ඒ අනුව වැඩ වර්ජනයකට එළඹෙන බවට සඳහන් කරමින් සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා මැදිහත් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවය.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාව තුළ ඇති වන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී සෞඛ්‍ය සේවාලාභියාත්, සමස්ථ මහජනතාවත්, රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් මෙන්ම පරිපූරක වෛද්‍ය වෘත්තිකයාත් ආරක්ෂා කරගනිමින් අදාළ ගැටලු විසඳාගැනීමට නිල මැදිහත්වීම සිදු කර ඇත.
කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටලු විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබාගැනීම සඳහා මෙතෙක් දැරූ සියලු උත්සහයන් ව්‍යර්ත වී ඇති බවද හෙතෙම කීවේය.