මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගේ සභාපතීත්වයෙනි.
කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයින් 05 දෙනෙකු ද ඇතුළත් වේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර , කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම එම කාර්ය සාධක බලකායේ ඇතුළත්ය.
මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලුමනී දවුලගල මහත්මිය සහ මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර මහතා එම කාර්ය සාධක බලකායට ඇතුළත් වේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (ඇඵ්ඝ්) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය.
මූල්‍ය කාර්ය සාධක බළකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11ක් හරහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙන බව එම අන්‍යොන්‍ය ඇගයීම තුළ දී ශ්‍රී ලංකාව විසින් පෙන්නුම් කළ යුතු වේ.
2025 ජනවාරි 29 දින පැවති එහි පළමු රැස්වීමේදී, කාර්ය සාධක බලකායේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් විසින් අන්‍යොන්‍ය ඇගයීමේ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරන ලද අතර, මෙම තීරණාත්මක ඇගයීමට සාර්ථකව මුහුණ දීම සඳහා සෑම පාර්ශ්වකරුවෙකුගේම පූර්ණ සහයෝගීතාවය ඉල්ලා සිටියි.