පුවත්

නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වසා දමයි

Published

on

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, දෙසැම්බර් 01දා ප.ව. 9.00 – දෙසැම්බර් 04දා පෙ.ව. 6.00 දක්වාත්, දෙසැම්බර් 08 දා ප.ව. 9.00 – දෙසැම්බර් 11දා පෙ.ව. 6.00 දක්වා හා දෙසැම්බර් 15 දා ප.ව. 9.00 – දෙසැම්බර් 18දා පෙ.ව. 6.00 දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.

Trending

Exit mobile version