පුවත්

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

Published

on

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ටිකට්පත දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවෙශ.ල්ක් වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදාල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් සඳහන්ය.

Trending

Exit mobile version