පුවත්

නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Published

on

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත. 
ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයායි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

සබැඳි පුවත්:

නව නීතිපති දිවුරුම් දීම අද

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය

වැඩබලන නීතිපතිවරයා දිවුරුම් දෙයි

නව නීතිපති පාරින්ද?

Trending

Exit mobile version