පුවත්

නව පත්වීම් 8කට උසස් නිලතල පිළිබඳ කාරක සභා අනුමතිය

Published

on

නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා පත් කිරීමට සහ පෝලන්ත සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

එමෙන්ම තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

එයට අමතරව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනවිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් මහතා පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

Trending

Exit mobile version