ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කේ.ඒ. රෝහණධීර මහත්මියව පාර්ලිමේන්තු මහලේකම් ධුරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ වන විට ඇය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානිය හා නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස කටයුතු කරයි.
ඇගේ නව පත්වීම මැයි 23දා සිට බලාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.