නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා (21) සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.
එළඹෙන 21 දින පෙරවරුවේ නව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව සඳහන්ය.
එදිනම පස්වරුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද නියමිතය.
එමෙන්ම, පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඇතුළු කටයුතු සිදු කරනු ඇත.