නව වාණජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රටේ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව අතර එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඇතිබව රජය පවසයි.
ඒ අනුව,අදාළ වාණිජ මහාධිකරණය කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරණ ස්ථානයෙහි ස්ථාපිත කිරීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.