පුවත්

නව වෛද්‍ය පනතක් හදන්න ජනපතිගෙන් උපදෙස්

Published

on

සය මසක කාලයක් තුළදී නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ (02) ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.  

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම, යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවද, ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන  අනුමත කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version