නාවලපිටිය පොලිස් වසමට අයත් මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි.
ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති අතර මිය ගිය දරුවා නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.