මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කළ බව කියන නීතිඥවරියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව බව පැවසේ.
අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් අදාළ නීතිඥවරිය පෙනී සිට ඇතැයි පැවසේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී අදාළ නීතීඥවරිය එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට නිවස පරික්ෂා නොකරන ලෙස ඇමතුමක් දී ඇතැයි පැවසේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සිදුවූයේ යැයි කියන දුරකථන සංවාදය පහත දැක්වේ.