පුවත්

නාගපට්ටිනම් – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ඇරඹේ

Published

on

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ සිවගංගෙයි මගී ප්‍රවාහන නෞකා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය රුපියල් පන්දහසක් සහ සුඛෝපභෝගී ආසනයක් සඳහා ඉන්දීය රුපියල් හත්දහස් පන්සීයක් අය කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මගී ප්‍රවාහන නෞකාවේ සාමාන්‍ය ආසන 133ක් පවතින අතර, එහි පනවා ඇති සුඛෝපභෝගී ආසන සංඛ්‍යාව 27කි.

මෙම යාත්‍රා සේවාව සතියේ දින හතේම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Trending

Exit mobile version