Connect with us

පුවත්

නාගරික සංවර්ධන අධිකාරිය ලක්ෂ2960ක් වතුරේ යවයි

Published

on

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර පසුව තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බවට නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ඒ වෙනුවෙන් වැය කරන ලද රුපියල් ලක්ෂ 2960ක වියදම නිෂ්කාර්ය වී ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 19238.5කි.

මෙම නිවාස ව්‍යාපෘතිය 2020 වර්ෂයේ මැයි මස 05 වන දින ආරම්භ කර ඇති අතර, 2023 ඔක්තෝබර් 30 අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.

එහෙත් එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරුවන් 10දෙනෙකුගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රමාද වීම නිසා 2022 මාර්තු 29 ව්‍යාපෘතිය අතරමග නතර කර තිබෙන බව සඳහන්ය.

මේ වන විට ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 2960ක මුදලක් වැය කර තිබූ බව විගණනය මගින් හෙළි කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ මහල් දෙකක් පමණ සාදා නතර කර ඇති අතර, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය වි තිබේ.

සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වේ.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved