ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
2025.03.17 වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/නාගලගම්-වීදියේ-වෙඩිතැබීම/