පුවත්

නාගලගම් වීදියේ වෙඩි තැබීමක්

Published

on

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය  ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version