පුවත්

නාඳුනන මළ සිරුරක්

Published

on

කඩවත පොලිස් වසමේ කඩවත රාගම මාර්ගයේ ගුවන් පාලම අසල ඇළක තිබී පොලීසිය විසින් මළසිරුරක් සොයාගෙන ඇත.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතරේ පසුවන අත්කොට කමිසයකින් හා කොළ පැහැති සරමකින් සැරසුන මුහුණ පුරා රැවුල වැවී ඇති කොණ්ඩය කොටට කැපූ අයෙක් බව පොලීසිය පවසයි.

මෘතශරීරය  පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version