කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ.
රුවන්වැල්ල – නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී මෙම සිරුර හමුවී තිබිණි.
පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයා 63 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකු බවය.
ඔහුගේ බිරිඳ හා දරුවන් පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව හෝ ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බව පැවසේ.
මේ අතර, සංවිධානාත්මක නිධන් හෙරු පිරිසක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට තොරතුරු ලැබී ඇති බව පැවසේ.
මේ ඝාතනයත් ඔවුන්ගේ වැඩක්ද යන්න පිළිබඳව පොලිසියට සැකයක් මතුව තිබේ.
මොවුන් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරු දේශපාලනයට සම්බන්ධ වී සිටි නීතීඥයකුගේ මැදිහත්වීමෙන් යට ගසා ඇති බවද වාර්තා වේ.
මූලාශ්‍රය – අද දෙරණ