පුවත්

නාමයෝජනා භාර ගැනීම ගැන දැනුම්දීමක්

Published

on

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වේ.

ඒ අනුව, ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කලේය.

මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු වන බවය.

2024 පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version