Connect with us

පුවත්

නාමල්ගෙන් සරල බදු ප්‍රතිපත්තියක්

Published

on

මෙරට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ලෙස වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම එය සරළ වනවා සේම තාක්ෂණයට බද්ධ කර බදු ගෙවන ප්‍රමාණය වැඩිකරගැනීම අවශ්‍ය බවද මන්ත්‍රීවරයා සඳහන් කලේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කරන ප්‍රතිපත්තිය කෙටි කාලීන වැඩපිළිවෙලක් නොවන අතර එය වසර පහද,දහයද, පහළවද යන කාල සීමාව තුළ වෙනස් නොවන එකක් බව ඔහු පවසයි.

”සැප්තැම්බර් මාසේ 22 වැනිදා එළිවෙලා අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 නවත්වපු තැනින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම අපි භාරගන්නවා කියන එක ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා. දරන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. වර්තමානයේ අපි දකිනවා ඉතාම අසාධාරණ විදිහට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපේ බදු ප්‍රතිපත්තිය සරළ වෙනවා වගේම මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු වර්ග බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක කරනවා වගේම තාක්ෂණයට පරිවර්තනය කරලා බදු ගෙවන ප්‍රමාණය වැඩිකර ගැනීමේ වැඩපිළිවෙලක් ඊලඟ වසර තුන හතර තුළ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි යෝජනා කරන්නා වූ ප්‍රතිපත්ති මාලාව ඊළඟ අවුරුදු පහද දහයද පහළවක්ද යන කාලසීමාව ඇතුළත වෙනස් නොවන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved