පුවත්

නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් !

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව වාර්තා වේ. 

ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කන බව ලංකා නිවුස් වෙබ් වාර්තා කර තිබේ.

මේ අතර, ජනාධිපති අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට තොරතුරු ඉදිරිපත් කර තිබුණේ අතිශය රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරමින් බව අරුණ පුවත්පත වාර්තා කර තිබිණි.

Trending

Exit mobile version