Connect with us

පුවත්

මහමැතිවරණ කටයුතුවලට බැසිල් ලංකාවට (Update)

Published

on

අද (20) උදෑසන විදේශගත වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහමැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා කඩිනමින් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පරීක්ෂණයක් හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ බවය.

”බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකලා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුනේ..

වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.”

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද (20) උදෑසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

ගෝඨාභයත් රටින් පිට වෙලා

බැසිල් ඡන්දය නොදාම රට යයි!

———————————————————————

(පෙර පුවත : 2024 සැප්තැම්බර් 20 ප.ව. 3:37)

නාමල්ගේ නැන්දම්මත් රට පැනලා

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කර තිබේ.

මෙම පිරිස අද දින උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබේ.

ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර මොවුන් ද ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved