පුවත්

නාමල්ගේ නීතීඥභාවය ගැන විමර්ශනය කරන්න නියෝග

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරයෙක් ද නැද්ද? යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ නීති උපාධිය ලබාගෙන ඇත්තේ වංචනිකව ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනය කෙරෙනු ඇත.

එම විමර්ශනය ආරම්භ වන්නේ අල්ලසට හා දූෂණයට එරෙහි පුරවැසි බලය නමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුවය.

ඒ අනුව ඒ පිළිබදව විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

Trending

Exit mobile version