ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල ජන රැලිය අද (21) අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පැවැත්වේ.
මේ රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඩීව එදිරිමාන්න මහතා අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.
“අද සවස 2ට අනුරාධපුර කඩපනහා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහි ජන රැලිය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙත ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව මහා ජන රැලිය සංවිධානය කරනවා. මෙම සමාරම්භක ජනරැලිය අනුරාධපුරය වෙත රැගෙන ඒම අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් ජනාධිපතිවරණ කැම්පේන් එක ඇතුළේත් ලබපු ජයග්‍රහණයක් විදියට අපි දකිනවා.”