Connect with us

පුවත්

නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවය.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පුවත්

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

Published

on

By

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි.

වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර මිලකට බිත්තරයක් අලෙවි වන අතර, පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිලකට අලෙවි විය.

 බොහෝ පාර්ශ්ව චෝදනා කළේ බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය බවයි.

මේ අතර බිත්තර මිල යළි ඉහළ නොදැමීමට පියවරක් වශයෙන් දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් බිත්තර නිෂ්පාදකයින් හඳුන්වාදීමට සූදානම් වේ‍.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසම මැති ඇමැතිවරුන්ගේ ගිණුම්වලට රිංගලා

Published

on

By

රුපියල් කෝටි ගණනින් අයථා ලෙස දේපොළ සහ වත්කම් උපයා ගත් බව කියන හිටපු කැබිනට් ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රජයේ ඉහළ පෙළේ නිලධාරින් රැසකගේ සැකකටයුතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යොමුකර ඇති වාර්තාවකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

අදාළ සැකකටයුතු ගිණුම් තමන්ගේ නමින් සහ පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගිය බවට සාක්ෂි මගින් අනාවරණ වන දේශපාලනඥයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් අල්ලස් කොමිසම වෙත කැඳවා ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

මංජුල තිලකරත්න කොළඹ මහාධිකරණ විනිසුරු තැනට පත් කරයි

Published

on

By

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්ත පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මහතා මෙලෙස පත්කර ඇත.

කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචන මහධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා සහන් මාපා බණ්ඩාර මහතා, ලංකා ජයරත්න සහ ඉන්දිකා කාලිංගවංශ මහත්මීන් පත්කර ඇත.
සහන් මාපා බණ්ඩාර මහතා මීට පෙර ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ අතර ලංකා ජයරත්න මහත්මිය රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය ලෙස කටයුතු කළාය.

මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් මහතා අංක දෙක අධිකරණයෙ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද මහතා අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක මහතා අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න මහතා අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved