පුවත්

නාමල් ඉන්දියාවේ වන්දනාවකට යයි 

Published

on

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ වන්දනාවකට යාමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා බව පැවසේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) දෙදින සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යනබව ආරංචිමාර්ග වාර්තා වේ. 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් පැවසේ.

අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී, පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයින් හමුවීමට බලාපොරොත්තු නියමිත බවද වාර්තා වේ.

Trending

Exit mobile version