පුවත්

නාමල් නොදන්න ලයිට් බිල

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදාල හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් ඊයේ (04) යොමුකර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.

Trending

Exit mobile version