ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වී සිටින ජනතාව කුසගින්න සමග පොරබඳිමින් සිටින අවස්ථාවේ පොදුජන පෙරමුණේ සාමාජිකයන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් සිදුනොකර සුහද ක්‍රිකට් තරග පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
“රටේ මෙච්චර කෙළියක් වෙලා තියෙනවා. මිනිස්සු දිහා බැලුවාම අපිට දුක හිතෙනවා. හෘද සාක්ෂිය ඇතුළෙ ගැටුමක් තියෙනවා අපිට මේක බේරගන්න බැරිවුණා නේද කියලා. මෙහෙව් රටක ඊයේ පෙරේදා නාමල් රාජපක්ෂ ඇතුළු වරිග සභාවේ ඇත්තෝ සුහද ක්‍රිකට් තරයක් තියනවා. මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද?” යැයි මන්ත්‍රිවරයා පසුගියදා කොළඹ පැවැති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
පොදුජන පෙරමුණේ සාමාජිකයන් හට තමා පිළිබඳ මිස ජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති හෙයින් මෙලෙස විනෝද වෙමින් සිටින බැවින් පොදුජන පෙරමුණේ රුදුරු ක්‍රීඩාව නිමාකළ යුතු කාලය පැමිණ ඇති බව හෙතෙම පැවැසීය.
මේ වන විට විවිධ බලවේග රැලි පවත්වමින් ඉස්මතුවී ඇති බවත් එම රැලි සැබෑ ජනතා රැලි නොවන බැවින් පොදුජන පෙරමුණේ ක්‍රීඩාව හමාර කළ හැකි එකම බලවේගය නිදහස් ජනතා සන්ධානය පමණක් බව හෙතෙම කියා සිටියේය.
මූලාශ්‍රය – අරුණ