පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) මධ්‍යහ්න 12.00න් අවසන්වීමට වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ පැවැත්වෙන දිනය ද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.
පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව තේරිම් භාර නිලධාරින් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ඊයේ (20) මධ්‍යාහ්න 12.00 දක්වා කාලය ලබාදී තිබූ අතර නාමයෝජනා භාර ගැනීම පසුගිය 18 වනදා ආරම්භ විය.
මේ අතර අදින් පසුව එළඹෙන මැතිවරණ ප්‍රචාරක කාලසීමාව තුළ සාමකාමි ලෙස කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.