පුවත්

නායකයන් බිහිවන්නේ ජනතාව අතරින්, අපේ කෙනා තවම නෑ – මහින්ද

Published

on

නායකයන් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ චීනයේ බෙයිජිං නුවර පැවැති සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මෙරටට පැමිණි අවස්ථාවේදීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද යන්න එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තවමත් අපේක්ෂකයකු තෝරා ගෙන නොමැති බවය.

මෙම සංවත්සර උළෙල චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පසුගිය 28 වැනිදා පවත්වා තිබිණි. 

මෙහිදී හිටපු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී සමගද සාකච්ඡා කර තිබේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන්ගේ වියෝව දෙමළ ජනතාවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල පාඩුවක් බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Trending

Exit mobile version