පුවත්

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9දා වැහෙයි

Published

on

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 09දා පෙරවරු 8.00 සිට පසුදින (10දා) පෙරවරු 6.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සැප්තැම්බර් 09 දා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් ද, පස්වරු 3.00 සිට පසුදා (10) පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, එම දුම්රිය හරස් මාර්ගය වසා තැබේ.

එම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව  දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

Trending

Exit mobile version