පුවත්

නාවික හමුදාව ඉන්දියාවට අවශ්‍ය සැකකරුවෙක් වෙන්නප්පුවේදී අල්ලා ගනියි

Published

on

ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරුව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

නීතිවිරෝධීව ඉන්දීය ධීවර යාත්‍රාවකින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි එම පුද්ගලයා රහසිගතව ගොඩබැසීමට උත්සාහ කළ අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත 2021 වසරේදී ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ අයෙකු බව වාර්තා විය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරන බව නාවික හමුදාව පැවසීය.

Trending

Exit mobile version