පුවත්

නාසා ආයතනයේ ‘ආටමිස් 1’ ගමන් අරඹයි

Published

on

ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව අභ්‍යාවකාශගත කර තිබේ.මෙහි අරමුණ වන්නේ ඊට සම්බන්ධ කළ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගනගාමී කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමයි.

මෙම රොකට්ටුව හා ගුවන්ගත කෙරුණු චන්ද්‍ර යානයේ කිසිවෙකුත් සිට නැති නමුත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් ඉදිරියේදී එම යානයේ මිනිසුන්ට ගමන් කළ හැකි වනු ඇත.

පළමු Artemis I දියත් කිරීම තාක්ෂණික දෝෂ හේතුවෙන් මේ වසරේ අගෝස්තු අගදී අසාර්ථක වූ අතර, සැප්තැම්බර් මස මුල සිදුකිරීමට නියමිතව තිබූ දෙවැනි උත්සාහයට ඉන්ධන කාන්දුවක් බාධා විය. සැප්තැම්බර් අගදී සැලසුම් කර තිබූ තෙවැනි උත්සාහයද ලෑන් කුණාටුව හේතුවෙන් කල්දමනු ලැබුණි.

Trending

Exit mobile version