Connect with us

පුවත්

නැගෙනහිරට වැසි ස්වල්පයක්

Published

on

අද (03) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

Published

on

By

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. 

Continue Reading

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading

පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවය.

ඒ අනුව සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බවද ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතීවිරෝධී සහ අයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට එමඟින් තිත තබන බවය.

මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved