පුවත්

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

Published

on



පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය පරිදි මෙම දෙදින නිවාඩුව ලබා දුන් බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම් .ඩබ්.ජි. දිසානායක මහතා සඳහන් කලේය.

ලබන සඳුදා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් ආරම්භ කිරීමට නියමිත බව කී අධ්‍යාපන ලේකම්වරයා නිවාඩුව ලබා දුන් දින දෙක හිලව් කිරීම සඳහා එම දින කවදාද යන්න ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇත.

Trending

Exit mobile version