ලක්ෂ 50 ක මුදලක් ණයට ගෙන එය නැවත නොගෙවීම හේතුවෙන් පැහැරගත් ව්‍යාපාරිකයකු බලංගොඩ ප්‍රදේශයේදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
2018 වර්ෂයේදී අදාළ ණය මුදල ලබාගෙන ඇති අතර එම මුදල වසර කිහිපයක් තිස්සේ නොගෙවීම හේතුවෙන් මුදල් ණයට දුන් පුද්ගලයා විසින් මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබේ.
ලක්ෂ 50 මුදල ලබා නොදුනහොත් සිය සොයුරා මරා දමන බවට පැහැරගෙන ගිය පුද්ගලයා විසින් මෙම ව්‍යාපාරිකයාගේ සොයුරියට ඇමතුමක් ලබාදී තිබූ අතර පසුව ඇය මේ පිළිබඳව නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව විමර්ශන සිදුකර මෙම ව්‍යාපාරිකයා බලංගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිසිය අනාවරණය කළේය.
පැහැරගැනීම සිදු කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.