විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජනවරම පාවාදීමක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බවත් ඒ මහතා පවසයි.
මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විපක්ෂ නායකවරයා පවසන්නේය.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග වාරිකය ලබා ගැනීමට බවත් විස්තීරණ ණය පහසුකම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයි එම් එෆ් ගිවිසුමකට, එකගතාවකට ප්‍රවේශ වන බවට පැවසුවත් බලය ලැබුණු විගසම පැවති රජයේ අයි එම් එෆ් ගිවිසුම අකුරක් නැර ඉදිරියට ක්‍රියාත්මක කරමින් ජනවරම පාවාදෙමින් ජනවරම උල්ලංඝනය කරමින් ජනමතයට පයින් ගසා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.