පුවත්

නිමල් සිරිපාල, ශ්‍රීලනිප වැඩබලන සභාපති ලෙස පත්වේ

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ. 

ශ්‍රීලනිප හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබේ.

මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය ලබන 24දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කර තිබේ.

Trending

Exit mobile version