Connect with us

පුවත්

නිමේෂ් සත්සරගේ මෘතදේහය යළි ගොඩගනීමට අවසර

Published

on

වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය. 

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය මේ මස 23 වනදා ගොඩගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණි. 

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුනි.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර ඇත.

අදාළ තරුණයාගේ මරණය සැක සහිත බවත් එබැවින් ඔහුගේ මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මියගිය තරුණයාගේ මව විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් අදාළ මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගියදා නියෝග කර තිබුණි.

(අරුණ)

පුවත්

බෙරගල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක්

Published

on

By

බෙරගල වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට විවෘත කර තිබේ.

කොළඹ චෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ විහාරගල ප්‍රදේශයේ කිලෝමීටර් 184 කණුව ආසන්නයේ මෙම නායයෑම සිදුවිය.

අධික වර්ෂාවත් සමග මාර්ගයේ ඉහළ කොටසේ පස්කදු මාර්ගයට කඩා වැටී තිබේ

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අවහිර විය.

හපුතලේ පොලීසිය , ප්‍රදේශවාසීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මේ වන විට එහි එක් මංතීරුක් විවෘත කර තිබේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පිල්ලයාන්ගේ රියදුරු CID අත්අඩංගුවට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.

Continue Reading

පුවත්

අද ලොකු වැස්සක්

Published

on

By

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය.

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved